මෙරට නිෂ්පාදිත ගිණි අවි 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

දෙසැ 26, 2021

    සින්නක්කුලම් ප්‍රදේශයේදී  ඊයේ (25) මෙරට නිෂ්පාදිත ගිණි අවි 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරින් විසින්, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් සින්නක්කුලම් ප්‍රදේශයේ දී මෙම අත්සැඅඩංගුවට ගැනීම සිදුකර ඇත. 

    සැකකරු සෙට්ටිකුලම් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔහු වයස අවුරුදු 27 ක් පමණ වූ නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සෙට්ටිකුලම් පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Last modified on ඉරිදා, 26 දෙසැම්බර් 2021 10:45

    Latest News