දෙකෝටියකට අධික විදෙස් මුදල් රේගුව අල්ලයි

නොවැ 02, 2018

    රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක වටිනාකමින් යුත් විදෙස් මුදල් නෝට්ටු තොගයක් නීති විරෝධී ලෙස සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ විදේශීය ගමන් මගියෙකුට අද කටුනාක ගුවන් තොටුපොලේ දි රේගු අත්අඩංගුවට ගැනුණි.

    ඉන්දීය ජාතික මෙම ගුවන් මගියා තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.

    සැකකරුගේ ගමන මල්ලේ තිබී යූරෝ - 95,000ක්ද, බ්‍රිතාන්‍ය පවුම් - 19,250, එමිරේට්ස් ඩිනාර් 21,000 සවුදි රියාල් 71,500 සොයා ගැනුණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News