විදෙස් මුදල් තැන්පතු ගිණුම්වලට ගෙවන උපරිම පොළියට 5% ක සීමාවක්

අගෝ 27, 2021

    සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා බැංකු විසින් ලබා දිය හැකි උපරිම පොළී අනුපාතිකය 5% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නියෝග කර තිබේ.

    ඒ අනුව මෙම නියෝගය අගෝස්තු 24 සිට බලපැවැත්වෙන බවයි මහ බැංකුව නිවේදනය කළේ.

    සියලුම නව විදේශ මුදල් තැන්පතු, දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් තැන්පතු සහ විදේශ මුදල් කාලීන තැන්පතු අළුත් කිරීමේදී මෙම නව නීතිය අදාල වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

    මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්...

    324fa5b68adda3b4811196590b004b24

    Latest News