ගොවිපලක ගෑස් කාන්දුවකින් හටගත් ගින්නකින් කුකුළු පැටවුන් 3,000ක් මියයයි

දෙසැ 24, 2021

    පන්නල පොලිස් වසමට අයත් පල්ලෙගම එළිබිච්චිය ප්‍රදේශයේ කුකුළු ගොවිපලක අද අලුයම 3.00ට පමණ ඇතිවූ ගින්නකින් එහි සිටි කුකුළු පැටව් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබේ.

    මෙම කුකුළු ගොවිපල මීගමු ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට අයත් වෙයි. මෙම ගොවිපල අක්කර 17ක පමණ භූමි ප්‍රමාණයක පවත්වාගෙන ගොස් තිබේ.

    එහි කුකුළු පැටවුන් 35,000ක් පමණ ධාරිතාවක් පවත්වා ගෙන යා හැකි ශාලා 7කින් යුක්ත වෙයි. මෙම ගින්න ඇති වන අවස්ථාවේ එහි සිටි කුකුළු පැටවුන් 3,000ට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව පන්නල පොලීසිය පවසයි.

    පැටවුන්ට අවශ්‍ය උණුසුම ලබා දීම සඳහා සකස් කර ඇති ගෑස් ටැංකියක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට පොලීසිය සැක කරයි.

    මේ වන විට ගින්න පාලනය කර ඇති අතර සිදුවී ඇති අලාභය මෙතෙක් ගණනය කර නැති බවයි පොලීසිය පවසන්නේ.

    Last modified on සිකුරාදා, 24 දෙසැම්බර් 2021 11:55

    Latest News