ඝාතනයට ලක්වූ ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු හෙට

දෙසැ 07, 2021

    පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද අලුයම 3.00 පමණ ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසට රැගෙන ආවේය.

    පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්රීස් නමැති කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරීවරයකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඉකුත් සිකුරාදා ඝාතනයට ලක් විය.

    පාකිස්තානයේ ලාහෝර් සිට ඊයේ සවස 5.10ට පමණ මෙරටට රැගෙන ආ ප්‍රියන්ත කුමාරගේ සිරුර මීගමු රෝහලේ දී මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න සහ කුරුණෑගල අධිකරණ වෛද්‍ය අජිත් ජයසිංහ යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළහ.

    ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) දිනයේ සිදු කිරීමට නියමිතව තිබේ.

    අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

    Latest News