ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ලැබුණු මුදල ගැන අගමැති ඉම්රාන් සටහනක් තබයි

ජන 18, 2022

    පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා වෙත ලබාදීමට නියමිතව තිබූ අරමුදල ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කර ඇති බව වාර්තා වෙයි.

    පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ පිළිබඳ සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාවට ස්තූති කර තිබේ.

    එම ට්විටර් පණිවුඩයේ සටහන් වන්නේ පාකිස්තානයේ සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව විසින් එකතු කරන ලද අමෙරිකානු ඩොලර් 100,000 ක මුදල ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කර ඇති බවයි.

    මේ අතර ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්වන විට සේවයේ නිරතව සිටි රාජ්කෝ ආයතනය විසින් ඔහුට හිමි මාසික වැටුප වන ඩොලර් 2000ක මුදලක් ද බිරිඳගේ ගිණුමට බැර කර ඇති බවද එම සටහනේම සඳහන් වෙයි.

    එම වැටුප වසර 10ක කාලයක් ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳට හිමිවනු ඇති.

    පසුගිය වසරේදී ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේ සියල්කොට් නගරයේ අදාළ ආයතනයේ සේවයේ නිරතව සිටියදී අමානුෂික ලෙස සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්විය.

    Latest News