ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

දෙසැ 07, 2021

    පාකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන - පන්ජාබ් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුවෙකු වන ඉමිටියාස් අලියා බිල්ලි අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කාරයි.

    රාවල්පිණ්ඩි නගරය බලා යන බස් රථයකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි, පන්ජාබ් පොලීසිය සඳහන් කරන්නේ.

    ප්‍රියන්ත කුමාර දියවඩනට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධියට මොහු මූලික වශයෙන් සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී තිබේ.

    ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 130කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 26 දෙනෙකු දෙසැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පාකිස්තානයේ ත්‍රස්ත විරෝධි විශේෂ අධිකරණය විසින් ඊයේ (06) නියෝග කරනු ලැබීය.

    Latest News