කොවිඩ් ආසාදිත සිසුන්ට සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණයට වෙනත් දිනයක්

දෙසැ 07, 2021

    අපොස සාමාන්‍ය පෙළ -2020 විභාගයේ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිත කොවිඩ් ආසාදිත විභාග අයදුම්කරුවන්ට ඒ සඳහා වෙනත් දිනයක් දීමට තීරණය කර ඇති බැවින් දැනට දී ඇති දිනවල අදාළ පරීක්ෂණ සඳහා පෙනී නොසිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    කොවිඩ් ආසාදිත හෝ නිරෝධායනයට ලක්ව සිටින අයදුම්කරුවන් විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද තම තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග හා ප්‍රතිඵල ශාඛාවේ 011-2177411 වෙත ෆැක්ස් මඟින් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත විද්‍යුත් තැපෑලෙන් ලිඛිතව දැනුම් දිය යුතුයි.

    දුරකථන අංක 011-2 784208, 011-2 784537 වෙත ඇමතුමක් දී මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

    අ.පො.ස. සාමාන්‍ය පෙළ -2020 විභාගයේ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම රට පුරා විභාග මධ්‍යස්ථානවලදී මේ මස 01 වැනිදා ආරම්භ වූ අතර, 11 වැනිදා දක්වා එම පරීක්ෂණ පැවැත්වෙයි.

    Latest News