ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ලාහෝර් ගුවන්තොටුපල වෙත

දෙසැ 06, 2021

    පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය මේවන විට ලාහෝර් ගුවන්තොටුපල වෙත රැගෙන විත් තිබේ.

    ලාහෝර් සිට එම දේහය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 186 දරන ගුවන් යානය මෙරට වේලාවෙන් දහවල් 12.00ට පිටත් වීමට නියමිතයි.

    එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට කොළඹට පැමිණීමට නියමිතයි. අනතුරුව, ඔහුගේ ළඟම ඥාතීන් වෙත දේහය භාරදීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 235 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට පහරදුන් පිරිස් සහ එය වීඩියෝ ගතකළ පිරිස් ද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ. 

    af32bbfb2817377cc163fe679317c4df44791cfa

    Last modified on සදුදා, 06 දෙසැම්බර් 2021 12:47

    Latest News