බූස්ටර් ලබාගැනීමෙන් 'ඔමික්‍රෝන්' ප්‍රභේදයට සාර්ථකව මුහුණ දිය හැකියි...සෞඛ්‍ය අමාත්‍යාංශය

දෙසැ 06, 2021

    බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් 'ඔමික්‍රෝන්' කොවිඩ් ප්‍රභේදයට සාර්ථකව මුහුණ දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ වන විට බටහිර රටවල් ද මේ කෙරෙහි දැඩි විශ්වාසයෙන් යුතුව ක්‍රියා කරන බවයි, අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ.

    'කොවිඩ් 19' රෝගය වැළඳුනු 746 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනිණ. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 10,895ක්. 316 දෙනෙකු ඊයේ සුවය ලබා තිබේ. සුවය ලැබු සමස්ත පිරිස පන් ලක්ෂ 42,326ක්.

    Latest News