රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට එරෙහිව ගම්වාසීන් පාරට (වීඩියෝ)

පෙබ 23, 2019

    රත්ගම, බූස්ස,රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකුඅතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

    අතුරුදහන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් රත්ගම නගරයේ දී මෙම උද්ඝෝෂණය පවත්වන බව අප වාර්තාකරු පවසයි. පුද්ගලයින් අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි අන්දමින් ක්‍රියාත්මක නොවූ බව උද්ඝෝෂකයින් කියා සිටියි. මෙම උද්ඝෝෂණ හේතුවෙන් ගාලු පාරේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 20:31

    Latest News