පුත්තලමේ ලුණු ලේවායකින් ගංජා සහ අයිස් සොයා ගැනේ

සැප් 09, 2020

    පුත්තලම, කරඹ පුලිදිවයල්‌ ප්‍රදේශයේ ලුණු ලේවායක සඟවා තිබූ කේරළ ගංජා 68kgක්‌ සහ අයිස් මත්ද්‍රව්‍ය 150gක් සොයා ගනීමට පුත්තලම පොලීසිය ඊයේ (08) සමත් විය.

    පොලිසියට ලැබුණු තොරතුරුකට අනුව කළ වැටලීමක දී ලේවායේ ජීප් රථයක සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 8ක් සහ ගබඩාවක සඟවා තිබූ කිලෝග්‍රෑම් 60ක් මෙලෙස සොයාගැණුනු බවයි, වාර්තා වන්නේ.

    කිලෝග්‍රෑම් 2ක බැගින්‌ වන ඇසුරැම් 34ක ගංජා තොගය අසුරා තිබී ඇත.

    ඒ සමග අත්‌අඩංගුවට ගත්‌ දෙදෙනා මිගමුව පෙරයමුල්ල හා තීකුණාමලය නිලාවේලී යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස වාර්තාවේ‌. ජීප්‌ රථයේ එන්පීම තුළ රහසිගත ස්ථානයක සඟවා ඒවා නිලාවේලි ප්‍රදේශයට රැගෙන යාමට සූදානම්‌ කර තිබූ බව, පොලීසිය ප්‍රකාශ සඳහන් කළේය. තවත්‌ මෝටර් රථයක්‌ ද, ලුණු ලේවා පරශුයේ තිබී පොලිස්‌ බාරයට ගෙන තිබේ.

    Latest News