රු. ලක්ෂ 33ක ගංජා අත්අඩංගුවට

සැප් 08, 2020

    රුපියල් ලක්ෂ 33ක් පමණ කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    පුත්තලම මූලස්ථාන පොලීසයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයට ලැබුණු තොරතුරකට අනූව අද (08) අළුයම 4.15 පමණ මුන්දලම පොලීස් වසමේ මදුරන්කුලිය කඩයාමට්ට ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකෙරිණ.

    මෙම වැටලීමේදී වත්තක් පිටුපස වල දමා තිබූ කේරල ගංජා කිලෝ 12 පොලිස් නිළධාරින්ට සොයා ගැනීමට හැකි විය.

    මෙම කේර ගංජා තොගය දකුණු ඉන්දියාවේ සිට කල්පිටියට මුහුදු මාර්ගයේ රැගෙන ආ ඒවායේ කොටසක් බවත් ගම් දක්වා බෙදා හැරීමට මෙම ස්ථානයේ සගවා තබන්නට ඇතැයි පොලීසය සැක පළ කරයි.

    Latest News