පොහොර නොමිලේ දිමට යෝජනාවක්

පෙබ 21, 2019

    ගොවීන්ට පොහොර නොමිලේ පිරිනැමීමට 2019 අයවැයට යෝජනාවක් ඉදිරිපත් කරණ බව කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා අද පාර්ලිමේන්තුවේදි කියා සිටියේය.

    කිලෝ 50 පොහොර මිටියක් රුපියල් 3400 පමණ වන අතර ඒ සඳහා රජයෙන් ගොවීන්ගෙන් රුපියල් 500 ක මුදලක් අය කෙරේ. ගොවින්ට පිරිනමන පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් කෝටි 3200 පිරිවැයක දරයි.

    ගොවීන්ට පොහොර නොමිලේ පිරිනැමීමේ දි දැරිමට වන මුදල රුපියල් කෝටි 3700 ක් පමණ වේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 21 පෙබරවාරි 2019 14:05

    Latest News