“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” අද

නොවැ 05, 2021

    “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” සැමරුම් ජාතික වැඩසටහන 2021

    සුනාමි යනු වෙරළබඩ දේශසීමා සහිත ලොව පුරා ජාතීන්ට බලපාන වඩාත්ම විනාශකාරී ස්වභාවික ආපදාවකි. සුනාමි ආපදාවක් වාර්තා වීම ඉතා විරළ අවස්ථාවක් වුව ද එයින් සිදුවන හානිය අති මහත් බැවින් සුනාමි අනතුරු අවදානම පිළිබදව අප තවදුරටත් සිතිය යුතු ය. එබැවින් 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී සුනාම් ආපදා පිළිබදව දැනුවත් කිරීම සදහා වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් නම් කරන ලදී. මෙවර ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය සෙන්දායි සැළැස්මට අනුගත වෙමින් “සුනාමි ආපදා අනතුරු අවම කර ගැනීම සහ පුර්ව අනතුරු ඇගවීම් සදහා අන්තර් ජාතික සහයෝගය” යන තේමාව යටතේ ලොව පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

    සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීමත් සාගර ආපදාවලින් සුරක්ෂිත වීම සදහා ඉගෙන ගැනීම, තොරතුරු හුවමාරු කිරීම සහ ක්‍රියාකරමු යන ඉලක්ක සපුරා ගැනීමේ අරමුණ සහිතව “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” සැමරුම් ජාතික වැඩසටහන නොවැමිබර් 05 සහ 08 වන දින ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැවේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2030 වන විට සහ ලෝක ජනගහනයෙන් සියයට 50 ක් ගංවතුර, කුණාටු සහ සුනාමිකවලට නිරාවරණය වන වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කිරීම මගින් සුනාමි අවදානම ඇති ප්‍රජාවන්ගෙන් 100%ක් 2030 වන විට සුනාමි සඳහා සුදානම් වී ඒවාට ඔරොත්තු දෙන බව සහතික කිරීමට උපකාරී වනු ඇත. සුනාමි අවදානම අඩු කිරීම ආයෝජනයක් මිස වියදමක් නොවේ.

    2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින බල පෑ සුනාමි ආපදාවට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් ගොදුරු වු අතර සහෝදර ජනතාව 35,000 ක් පමණ අපට අහිමි වු අතර 502,456 දෙනෙක් පමණ සුනාමි ව්‍යසනයේ බලපෑමට ලක්විය. සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසකරික වශයෙන් විශාල අලාභ හානියක් සිදුවිය. සුනාමි යනු කවරක්දැයි යථා පරිදි වටහාගෙන අනාගතයේ කවර හෝ දිනක කවර හෝ පැයක කවර හෝ නිමේෂයක පැමිණිය හැකි මෙබදුම ව්‍යසයනයකින් ජීවිත සහ දේපළ රැකගැනීමේ සැබෑ චේතනාවෙන් කටයුතු කරමු

    Latest News