මිහිපිට ජීවය අවසන් කළ හැකි සුනාමියක්

මැයි 27, 2023

    දේශගුණික විපර්යාස හමුවේ ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලෙහි නාය යෑම් සිදු වී පෘථිවියේ දකුණු සාගර කලාපයේ දැවැන්ත සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු අඟවා තිබෙනවා.

    විද්‍යාඥයන් පිරිසක් ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලෙහි අඩි සිය ගණනක් ගැඹුරට සිදු කළ මෙම නව පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ මීට වසර මිලියන 3 කට හෝ මිලියන 15 කට පෙර කාල පරිච්ඡේදයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා දැවැන්ත සුනාමි රළ ඇති වී තිබෙන බවයි. එම සුනාමි රළ දකුණු අමෙරිකාවේ, නවසීලන්තයේ සහ අග්නිදිග ආසියාවේ වෙරළබඩ ප්‍රදේශ දක්වා විහිදී ගොස් ඇති බව, අනාවරණය වී තිබෙනවා. දේශගුණික විපර්යාස හමුවේ සාගර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමෙන් මෙවැනිම දැවැන්ත සුනාමි තත්වයක් යළි ඇති වීමේ අවදානමක් පවතින බවයි, එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

    Latest News