ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍රවලට ගෙවීම online මගින්

නොවැ 05, 2021

    ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර අයදුම් කිරීමේදී නොවැම්බර් 01 වනදා සිට මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    එසේ ගෙවීම් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වූ සේවාදායකයින්ට යි.

    පසුගිය අගෝස්තු 15 වනදා සිට බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

    එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් කිරීම සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වියයුතු අතර ඒ සඳහා www.imexport.gov.lk වෙබ් අඩවියට හෝ https://eservices.imexport.gov.lk/login පිවිස මාර්ගගත ලියාපදිංචිය සිදුකළ හැකි බවය.

    Latest News