සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද ඇරැඹේ

ඔක් 25, 2021

    කොවිඩ් වසංගතය හේතුවෙන් මාස හයක පමණ කාලයක් වසා දමා තිබූ රට පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු අද (25) ආරම්භ කෙරේ.

    ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල අධ්‍යාපන කටයුතු පසුගිය 21 වැනිදා ආරම්භ කෙරුණු අතර, ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි සියලු පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතය.

    මීට සමගාමීව රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රාථමික අංශ ද අද සිට ආරම්භ වේ.

    මේ අතර, වැඩ වර්ජනයේ නිරත වූ ගුරු හා විදුහල්පති සමිති සන්ධානයට අයත් ගුරු විදුහල්පතිවරු ද අද සිට අදාළ පාසල්වල සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇත. නමුත් ඔවුන් බාහිර රාජකාරීවලින් තොරව ඉගැන්වීම් රාජකාරිවලට පමණක් ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබේ.

    Latest News