අත්තිඩියේ හදිසි ගින්නක් (වීඩියෝ)

පෙබ 19, 2019

    අද(19) උදෑසන රත්මලාන අත්තිඩිය පිහිටි ප්‍රධාන පෙලේ බේකරි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් නිසා එම ආයතනයට දැඩි අලාභහානි සිදුවී තිබේ.

    ගෑස් කාන්දුවකින් මෙම ගින්න හටගෙන තිබෙන බව අනාවරණය කරගෙන ඇත. දෙහිවල ගල්කිස්ස ගිණි නිවීම් ඒකකය මෙම ගින්න මැඩපවත්වා තිබේ. ගින්නෙන් සිදුවූ අලාභහානිය මෙතෙක් ගණනය කර නොමැති අතර ගල්කිස්ස පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

    Last modified on අඟහරුවාදා, 19 පෙබරවාරි 2019 12:58

    Latest News