ත්‍රිරෝද රථ අනතුරු දෙකකින් සිව් දෙනෙකු මරුට (වීඩියෝ)

පෙබ 19, 2019

    නාවලපිටිය-ගම්පොල ප්‍රධාන මාර්ගයේ සහ මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයේ මෙම අනතුරු සිදුවී ඇති අතර මෙම අනතුරු දෙකෙන්ම මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රථවල ගමන් ගත් සිව් දෙනෙකි.

    නාවලපිටිය-ගම්පොල ප්‍රධාන මාර්ගයේ පත්තුනුපිටිය වරකාව දෙවන රේල් ගේට්ටුව අසලදී එක් අනතුරක් සිදු වී ඇත්තේ අද (19) අලුයම 2.30 ට පමණ වන අතර මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙක් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

    මිය ගිය දෙදෙනා ගිනිගත්හේන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි එච්.එස්. ගලප්පත්තිගේ (38) සහ නව කුරුදුවත්ත කරගල පදිංචි අමල් ගුණරත්න (32) යන අයයි.

    ගම්පොල සිට ගිනිගත්හේන දක්වා අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව නාවලපිටිය සිට ගම්පොල දක්වා ප්‍රතිවිරුධ දිශාවෙන් ධාවනය වු ටිපර් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

    අනතුරින් පසු මියගිය අයගේ සිරුරු නාවලපිටිය මුලික රෝහල වෙත භාර දි ඇත. ටිපර් රථයේ රියදුරාව සැකපිට නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වන බව නාවලපිටිය පොලිසිය පවසයි.

    මේ අතර මාතර-තංගල්ල මාර්ගයේ සීනිමෝදර ප්‍රදේශයේදී අනතුරක් සිදුවී ඇත්තේ ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනි. එයින් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙසේ මියගොස් තිබෙන්නේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් මවක් සහ අවු 3ක දියණයක්. ත්‍රීරෝද රිය පැදවූ පියා සහ පුතු බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 19 පෙබරවාරි 2019 12:56

    Latest News