මංගල උත්සවවලට අද සිට අවසර

ඔක් 16, 2021

    අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනූව විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා සීමා කිරීම්වලට යටත්ව අද සිට අවසර හිමිවනු ඇති.

    උත්සව ශාලා තුලට ඇතුලත් කර ගත හැක්කේ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාවෙන් 25%ක ධාරිතාවයකට පමණයි. එහි උපරිමය පුද්ගලයින් 50කට සීමාවෙයි.

    එමෙන්ම එළි මහන් මංගල උත්සව සඳහා පුද්ගලයින් 75 දෙනෙකුට සහභාගී විය හැකියි.

    කොවිඩ් මරණයක් නොවන අවමංගල්‍ය උත්සව සඳහා ඕනෑම වේලාවක සිටිය හැක්කේ පුද්ගලයින් 20 දෙනෙකු පමණක් වන අතර මළ සිරුර මුදා හැරීමෙන් අනතුරුව පැය 24ක් තුළ අවසන් කටයුතු සිදුකළ යුතු වෙයි.

    එමෙන්ම ගෘහස්ත සහ එළිමහන් උත්සව, ප්‍රදර්ශණ, සම්මේලන, සාද, එක් රැස්වීම් මෙන්ම නිවෙස් තුළ පැවැත්වෙන සුළු සාද සඳහා ද තවදුරටත් අවසර හිමිනොවේ.

    විභාග සහ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආරම්භ කළ හැකි අතර, උපකාරක පන්ති පැවැත්වීමට තවදුරටත් අවසර හිමිනොවේ.

    Latest News