සිනමා ශාලා විවෘත කිරීමට අවසර

ඔක් 16, 2021

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිනමා ශාලා විවෘත කිරීමට අවසර ලබාදී තිබේ.

    ඒ අනූව, ලබන 21 වැනිදා සිට 25%ක ආසන ධාරිතාවෙන් මෙලෙස සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බවයි, නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

    මීට අමතරව ව්‍යායාම ශාලා 30%ක ධාරිතාවයකින් පුද්ගලයින් 10ක් සමඟ ක්‍රියාත්මක කිරීමටද අවසර ලබාදී තිබේ. 

    කෙසේ වෙතත්, පන්සල් පල්ලි හා කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර ලබාදී නැහැ. 

    Last modified on සෙනසුරාදා, 16 ඔක්තෝබර් 2021 09:22

    Latest News