අතුරුදහන් වු තිදරු මවගේ සිරුර ජල විදුලි බලාගාරයක වේල්ලක තිබි හමුවෙයි

ඔක් 15, 2021

    නිවසින් අතුරුදහන්ව සිටි තිදරු මවකගේ සිරුරක් නාවලපිටිය කඩියන්ලෙන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක වේල්ලක තිබි ඊයේ (14) දින පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

    මෙසේ විදුලි බලාගාර වේලලේ තිබි හමු වි ඇත්තේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කුයින්ස්බෙරි වතුයායේ පදිංචිව සිටි 73 හැවිරිදි තිදරු මවකගේ සිරුරයි.

    එම පෞද්ගලික ජල විදුලි බලාගාර මුරකරු විසින් ජලාශ වේල්ලේ පාවෙන නාදුන්න කාන්තා මල සිරුරක් ඇති බවට නාවලපිටිය පොලිසිය වෙත කරන ලද දැනුම් දිමක් මත සිරුර සොයගෙන ඇත.

    ජලාශ වේල්ලේ පාවෙමින් තිබු සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මහ රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසිය.

    Latest News