ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ යෝජනාව අයවැයෙන්

ඔක් 08, 2021

    ගුරු වැටුප් විශමතා ඉවත් කිරීමට අදාල යෝජනා ලබන වසර සදහා අයවැයෙන් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට සූදානම් බවත් ඒ සඳහා සෞඛ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    පාසල් විවෘත කර දරුවන්ගේ අධ්‍යාපනය යළි ආරම්භ කිරීම සඳහා ගුරුවරුන්ගේ දායකත්වය ලබා දෙන ලෙසයි අමාත්‍ය දිනේෂ් ගුනවරධන මහතා ඉල්ලා සිටියේ.

    Latest News