තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ඔක් 04, 2021

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තුන් ලක්ෂ හාරදහස් දෙසීයක් 304,200 අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.


    අමෙරිකාවේ නිශ්පාදිත මෙම එන්නත් තොගය අද අලුයම 3ට පමණ QR 668 දරන කටාර් රාජ්‍යයට අයත් ගුවන් යානයකින් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට රැගෙන විත් ඇත. අනතුරුව එම එන්නත් තොගය ගුවන් තොටුපලේ සිට නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ එන්නත් ගබඩාවේ විශේශිත ශීතාගාර වෙත රැගෙන විත් තිබේ.

    රජය විසින් ඇණවුම් කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40 පළමු එන්නත් මාත්‍රා තොගය ලෙස මෙම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

    Latest News