'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් අත්අ‍ඩංගුවට

ඔක් 02, 2021

    මුරුංකන් ප්‍රදේශයේදී කිලෝ ග්‍රෑම් 10කට ආසන්න ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මුරුංකන් පොලීසිය අසළ මාර්ග බාධයකයක් යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී කුඩා ලොරි රථයක් අණ නොතකා ධාවනය කර ඇති බවයි,පොලීසිය පැවසුවේ.

    පොලීසිය අදාළ රථය පසුපස හඹා ගොස් එය නවතා පරීක්ෂා කිරීමේදී පාර්සල් 10ක් තුළ අසුරා තිබූ අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    අවුරුදු 30 සහ 42 යන වයස්වල පසුවන සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

    සැකකරුවන් අද (02) මන්නාරම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News