කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

ජූලි 10, 2021

    කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (10) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පවසයි.

    ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශයේ වාන් දොරටු තුනක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බවත්, තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියි.

    පවතින අධික වර්ෂාවත් සමග හැටන් දිඹුල පතන ඩෙවොන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහළ ගොස් ඇති අතර , ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.

    Latest News