මීට අදාළ ගැසට් පත්‍රය 2021.09.29 දින නිකුත් කර ඇති අතර එහි, 2022 වර්ෂය සඳහා වන රජයේ වියදම් සම්බන්ධ තොරතුරු අන්තර්ගත වේ.
2022 වසර සඳහා, විසර්ජන පනත් කෙටුම්පත එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (30) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ද දැන්වීය.