වීරකැටියේ වෙඩි තැබීමකින් දරුවෙක් මරුට

සැප් 20, 2021

    වීරකැටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

    වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රී 11.00ට පමණ ඥාති දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් අතුරතුර දී කිසිවෙකු විසින් මෙම වෙඩි පහර එල්ල කර තිබේ. එය මෙම දරුවාට වැදී බරපතල තුවාල ලබා ඇත. තුවාල ලැබූ දරුවා වීරකැටිය දිසා රෝහලටත් ඉන් අනතුරුව තංගල්ල මූලික රෝහලටත් මාරු කර යවා ඇති නමුත් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.

    වීරකැටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Latest News