තවත් ෆයිසර් එන්නත් 73,000ක් දිවයිනට

සැප් 20, 2021

    අමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා (73710) හැත්තෑ තුන්දහස් හත්සිය දහයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

    අද අලුයම 2.30 ට පමණ QR 668 දරන කටාර් රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණි එම තොගය අතර ගුවන් තොටුපලේ සිට කොළබ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාවේ විශේෂිත ශීතාගාර වෙත රැගෙන ආ බව අප වාර්තාකරු සඳහන් කරයි.

    නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට රැගෙන ආ මෙම එන්නත් තොගය කිලෝග්‍රෑම් 445 ක් බරින් යුක්ත බවද වාර්තා වේ.

    Latest News