මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවකු පොලිස් අත්අඩංගුවට

සැප් 17, 2021

    වැල්ලවාය පොලිසිය විසින් වැල්ලවාය වරුණගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු කුමන හේතුවක් මත මෙම ගිනිඅවිය ලග තබාගෙන සිටියේ ද යන්න අනාවරණය කර ගැනීම සදහා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව වැල්ලවාය පොලිසිය පැවසීය.
    අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරයි.

    Latest News