පාසල් ළමුන් සඳහා නිවසේ සිට NVQ සහතික ලබාදීමට වැඩ පිළිවෙළක්

සැප් 17, 2021

    මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දුරස්ථ අධ්‍යාපනය මගින් වෘත්තීය දැනුම බෙදාහරිමින්, හැකියාවෙන් උගත් දරුපරපුරක් මතු ලොවට දායාද කිරීමේ අදහසින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය නව වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාව වෘත්තීය තාක්ෂණික ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සැලසුම් කර තිබේ. පාඨමාලා අවසානයේ පවත්වන විභාගයකින් අනතුරුව දේශීය සහ විදේශීය වශයෙන් වෘත්තීය පිළිගැනීමක් ඇති NVQ මට්ටම දක්වා සිසුසිසුවියන් ගෙනයාම මෙම වැඩසටහන් මාලාවේ අරමුණයි.

    නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය තාක්ෂණ ආයතන මගින් සිදුකෙරෙන විෂයමාලාවන් යටතේ මෙම පාඨමාලා පැවැත්වෙන අතර

    ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ විෂයන් සාර්ථකව අධ්‍යනය කර, මාර්ගගත ක්‍රමය යටතේ පවත්වන විභාගයෙන් (Online Exam) අනතුරුව මෙම සිසුසිසුවියන් NVQ මට්ටම දක්වා රැගෙනයාම සිදුවේ.

    මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම පියවර ලෙස එළඹෙන සැප්තැම්බර් 18 වන සෙනසුරාදා ආරම්භ කෙරේ.

    Latest News