නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද යන තීරණය අද

සැප් 17, 2021

    දැනට රටපුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන තීරණය අද(17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    නිරෝධායන ඇඳිරි නීතිය පනවා අදට දින 28 ක්. ඇදිරි නීතිය කඩ කරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කරගන්න ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවේ අගෝස්තු 20 වනදායි. එය පසුගිය 30 වනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතව තිබුණ ද එය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කළ අතර පසුව එය සැප්තැම්බර් 13 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරුණා. නැවත පැවති තත්ත්වය සැළකිල්ලට ගෙන නිරෝධායන ඇදිරි නීතිය පසුගිය 21 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගැණුනේ.

    ඒ අනුව අද දිනයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී නිරෝධායන ඇදිරි නීතිය යළි දීර්ඝ කරනවාද එසේ නොමැතිනම් සංචරණ සීමා මධ්‍යයේ රට විවෘත කරනවාද යන්න තීරණය කෙරෙනු ඇති.

    කෙසේවුවද එම තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන දත්ත සැළකිල්ලට ගනිමින් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. රට විවෘත කරනවානම් ඒ සදහා පැනවිය යුතු සීමා පිළිබද නිර්දේශ කිරීමට කණ්ඩායමක් ද පත්කර තිබෙනවා.

    Latest News