ගංජා කිලෝ 20ක් සමඟ සැකකරු අත්අඩංගුවට

සැප් 15, 2021

    තණමල්විල, නිකවැව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී වියළි ගංජා කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 710ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ගංජා තොගය අලෙවි කිරීමට සුදානම් කර තිබී ඇති අතර, ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයකු වෙයි.

    සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 23වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News