මාලඹේ 'බොබ් මාලි' පොලිස් අත්අඩංගුවට

සැප් 09, 2021

    මත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබෲ හෙවත් 'බොබ් මාලි' නැමති සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.



    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස ඔහුව හඳුනාගෙන ඇති බව පොලීසිය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    ඒ අනුව අදාළ සැකකරු පොලීසිය මඟ හරිමින් කටයුතු කරමින් ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු දන්නේ නම් ලබාදෙන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබුනි.

    Latest News