නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 637ක් අත්අඩංගුවට

සැප් 09, 2021

    අද (09) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලින්,නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 637 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ වනවිට පුද්ගලයින් 67,979 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

    මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ (08) දිනය තුළ, පුද්ගලයින් 1895ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් පුද්ගලයින් 267ක් නියමිත අවසර නොමැති වීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත.

    අදාළ මාර්ග බාධක 13 දී වාහන 1086ක් ද පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් වාහන 175ක් නියමිත අවසර නොමැති වීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත බවයි පොලීසිය පවසන්නේ.

    Latest News