ආනයනික ලොකු ලූනු සඳහා රු.40ක බද්දක්

සැප් 07, 2021

    ලොකු ලූණු ආනයනය කිරීමේදී කිලෝ එකකට රුපියල් 40ක බද්දක් අය කිරීමට ඊයේ ( 06 ) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

    මෙම බද්ද 06වැනි සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අද ( 07 ) සඳහන් කළේය.

    මෙරට ලොකු ලූණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2,90,000කි. මෙවර රෙටේ නිෂ්පාදිත ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000කි.

    මෙම නිෂ්පාදිත තොගය මේ දිනවල වෙළඳපොළට නිකුත් කෙරෙන බැවින් දේශීය ලොකු ලූණු වගා කර ඇති ගොවියාට සිය නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට ඉඩ සලස්වමින් ආනයනික ලොකු ලූණු සහා කිලෝවකට රුපියල් 40ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 12:04

    Latest News