ආදිවාසී නායකයාගේ බිරිඳ කොවිඩ් වැළදී සිටියදී මියයයි

සැප් 05, 2021

    ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිද වන ඌරුවරිගේ හීන් මැණිකා කොවිඩ් වෛරසය ආසාදනය වී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියද ඊයේ (04) දින පස්වරුවේ මිය ගොස් තිබේ. මිය යන විට ඇය 64 වන වියේ පසු විය.

    පසුගියදා ආදිවාසී ගම්මානයේ සිදු කරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී ගම්මානයේ කොරෝනා ආසාදිතයන් 44ක් සෞඛ්‍ය අංශ විසින් හදුනාගනු ලැබුයි. ඒ අතරට ආදිවාසී නායක වන්නිල ඇත්තන්ගේ බිරිද හා පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද ඊට ඇතුලත්.

    දිර්ඝ කලක සිට වකුගඩු දෙකම අක්‍රීය විමෙන් පීඩා විදි ඇය සදහා පසුව ශල්‍යකර්මයක් මගින් වකුගඩුවක් බද්ධ කිරිමෙන් අනතුරුව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු විය.

    කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසුව අගෝස්තු 25 දින මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබු අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්වයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 02 වැනි දා පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා තිබේ.

    ඇය දරුවන් නව දෙනෙකුගේ මවක වූවාය. 

    Heen Manika01

    Heen Manika02

    Heen Manika04

    Heen Manika07

     

    Last modified on ඉරිදා, 05 සැප්තැම්බර් 2021 10:26

    Latest News