සංචරණ සීමා කඩකළ 581ක් අත්අඩංගුවට

අගෝ 30, 2021

    ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 581ක් අත්අඩංගුවට ගෙන තිබේ.



    මෙම සැකකරුවන් සමග වාහන 85ක් ද සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    ඊයේ දිනය තුළ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13ක දී පුද්ගලයින් 1792ක් හා වාහන 805ක් එහිදී පරීක්ෂාවට ලක් කර තිබේ.

    නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 61,587කි.

    Latest News