සායනික රෝගීන්ට ඖෂධ යළි තැපෑලෙන්

අගෝ 26, 2021

    රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග තැපැල් මගින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් යළි ආරම්භ කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ ඊයේ (25 වැනිදා) ප්‍රකාශ කළේ, ඖෂධ අවශ්‍ය රෝගීන් තමන් සායනය සඳහා සහභාගි වන රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී අවශ්‍ය විස්තර සැපයීමෙන් නිවසටම ඖෂධ ගෙන්වා ගත හැකි බවයි.

    ඒ අනූව 072 0720720 දුරකථන අංකයට සිංහල භාෂාවෙන් ඇමතීමෙන් සහ 072 0606060 දුරකථන අංකයට දමිළ භාෂාවෙන් ඇමතීමෙන් අවශ්‍ය විස්තර ලබාගත හැකියි.

    පසුගිය කාලය පුරාද විවිධ  අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය.

    Latest News