සතියකට ඔක්සිජන් ලීටර් ලක්ෂ 3ක් ගෙන්වීමට සැලැසුම්

අගෝ 25, 2021

    මෙරට ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.



    සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    මීට පෙර සතියේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී මාසික ඔක්සිජන ලීටර් 120,000ක් ගෙන්වීමට අනුමැතිය ලැබුණු බව පැවසූ ඇමැතිවරයා ඔක්සිජන මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් ප්‍රමාණවත් ඔක්සිජන් තොග රට තුළ ගබඩා කර තබා ගැනීමට හැකි වන පරිදි සතිපතා ආනයනය කිරීමට තීරණය කළ බව කියා සිටියේය. රටට අවශ්‍ය ඔක්සිජන් සංචිත මේ වන විට පවතින බවත් ඒ පිළිබඳ කිසිම සැකයක් තබා නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

    Latest News