ඔක්සිජන් රැගෙන ඒමට “ශක්ති“ නෞකාව ඉන්දියාවට

අගෝ 17, 2021

    ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම (17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව ගොස් තිබේ.

    පවත්නා කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ මෙරට රෝහල් තුල ඔක්ෂිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීම සදහා ඇනවුම් කරන ලද සායනික ඔක්ෂිජන් මෙරටට රැගෙන ඒමේදී වරායන් තුල සිදු විය හැකි ප්‍රමාදවීම් වළක්වා ගැනීමේ අරමුණෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත එම සායනික ඔක්ෂිජන් නාවික හමුදාව මගින් රැගෙන එන ලෙස උපදෙස් දී තිබේ.

    ඒ අනුව, ශක්ති නෞකාව ලබන 18 පස්වරුවේදී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ලඟා වීමට නියමිත බවයි නාවික හමුදාව පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 17 අගෝස්තු 2021 16:43

    Latest News