භූකම්පනයෙන් බලපෑමක් නෑ

අගෝ 25, 2021

    මොනරාගල තනමල්විල ආශ්‍රිතව ඇති වූ භූ කම්පනයෙන් කිසිදු අහිතකර බලපෑමක් නැති බව භූ විද්‍යා හා පතල් කාර්යංශය සභාපති අනුර වල්පොල මහතා කියා සිටිනවා.

    ඊයේ රාත්‍රී 9:20ට පමණ ඇති වූ මෙම භු කම්පනය මොනරාගල වැල්ලවාය තනමල්විල ආදී ප්‍රදේශවල ජනතාවට දැනී තිබෙනවා. ස්ථාන හතරක පිහිටවා ඇති භූ කම්පන මාපක ක්‍රියාත්මක වී තිබූ බව ඔහු කියා සිටිනවා.

    එම භූ කම්පනයේ ප්‍රබලතාව රිච්ටර් මාපාංක ඒකක 02 ක පමණ ප්‍රබලත්වයක් ගෙන ඇති බවද වාර්තා වනවා.

    මෙම ප්‍රදේශයේ මෙවැනි භූ කම්පනයක් වාර්තා වන්නේ වසරකට පමණ පසුවයි.

    Latest News