අවු. 60ට වැඩි එන්නත් නොගත් අයට අදත් අවස්ථාව

අගෝ 24, 2021

    අවුරුදු 60ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීම මේ දිනවල සිදු කෙරේ.

    එබැවින් ලියාපදිංචි වී නොපමාව එන්නත ලබා ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ලියාපදිංචිය සඳහා 1906 දුරකථන අංකය ඇමතිය හැකියි.

    වයස අවුරුදු 60ට වැඩි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට නිවෙස් වෙතම ගොස් එන්නත් ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ද ඒ සඳහා ජංගම එන්නත්කරණ රථ යොදවා තිබේ.

    අද දිනයේ කොළඹ,කළුතර,ගම්පහ,යාපනය හා මුලතිව් යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අද දිනයේ ජංගම එන්නත්කරණ රථ යොදවා තිබේ.

    Latest News