ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

අගෝ 24, 2021

    දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතව තැබේ. කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ,ගොවින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා එම දින දෙකේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි.

    කොරෝනා වසංගතයේ පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් මත රජය මගින් නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කෙරිණ.

    ඒ අනූව පාරිභෝගික ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් අලෙවි කිරීමට අවස්ථාව සලසා දුන් අතර එම වෙළෙදුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගැනීම සඳහා අද සහ හෙට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තැබීමට අවසර ලබා දී තිබේ.

    Last modified on අඟහරුවාදා, 24 අගෝස්තු 2021 09:37

    Latest News