ව්‍යාජ ජායාරූපයක් සමාජ මාධ්‍යට එක්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

අගෝ 24, 2021

    කළුබෝවිල රෝහලේ කොවිඩ් ආසදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර තැනින් තැන දමා තිබෙන බව පවසමින් ව්‍යාජ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ඡායාරූපය සමඟින් "මළ මිනී ගොඩ ගැසෙන්න පටන් අරන් අපට සරණක් නැද්ද" යනුවෙන් සඳහන් කර විදෙස් රටක ඡායාරූප ව්‍යාජ ලෙස සකසමින් මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට අනාවරණය වී ඇත.

    36 හැවිරිදි නුවන් සාරංග පරණහේවා යන මෙම සැකකරු නුගේගොඩ පදිංචිකරුවෙක්.

    ශ්‍රි ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර පසුව දෙසැම්බර් 16 වන දින යළි අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කෙරිණ.

    මොහුට එරෙහිව නිරෝධායන පනත යටතේ ද ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද පරිගණක අපරාධ පනත යටතේ ද චෝදනා ගොනු කිරීමට නියමිතයි. 

    Latest News