සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

සැප් 09, 2021

    දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ අද (9) සහ හෙට (10) දෙදින විවෘතයි.

    එළවළු, පළතුරු හා අනෙකුත් අත්‍යාවශ්‍ය පරිභෝගික ද්‍රව්‍ය තොග වශයෙන් අලෙවි කිරීම සඳහා මේ තීරණය ගෙන තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශ්‍ය ඒ් බව පසුගිය දා නිවේදනය කළේය.

    ඒ් අනුව අද දිනයේ මැනිං තොග වෙළෙඳ පොළට එළවළු විශාල ප්‍රමාණයක් ලැබී තිබූ බව අප වාර්තාකරු සඳහන් කරයි.

    ඒ් අතර උඩරට හා පහත රට එළවළු විශාල ප්‍රමාණයක් ද වූ බවයි වාර්තා වන්නේ.

    ඒ සමඟම මැනින් තොග වෙළඳපොළට ඇතුල්වන හා අවට මාර්ගවල විශාල මාර්ග රථ වාහන තදබදයක් ද ඇති වී තිබේ.

    එළවළු තොග විශාල ප්‍රමාණයක් ලැබීමත් සමඟම එළවළු මිලේ පහත යාමක් දක්නට ලැබුණු බවත් එළවළු මිල තව දුරටත් පහළ යන බව ව්‍යාපාරිකයන් පවසන බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2021 11:15

    Latest News