යටිතල පහසුකම් සංවර්ධනයට සෑම වසමකටම රු.ලක්ෂ20ක්...ඇමති බන්දුල

ජන 27, 2020

    මෙරට සෑම ග්‍රාම නිලධාරී වසමකම සුළු පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මේ වසර තුළ රුපියල් ලක්ෂ 20 බැගින් ලබාදෙන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    බිම් මට්ටමේ සිටම කිසිඳු බේදයකින් තොරව රටේ දියුණුවට හා ජනතාවට සුබසාධනයට පියවර ගන්නා බවයි, අමාත්‍යවරයා කියා සිටින්නේ. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, දුන්කළහේන ප්‍රධාන මාර්ගයේ නෝනාවත්ත ඇල මාර්ගය හරහා ඉදි කෙරුණු නව පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 29ක්. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පාලම් ව්‍යාපෘතිය යටතේයි, මෙය ඉදි කෙරුණේ.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 11:06

    Latest News