වියත්මග නියෝජිතයෝ පළාත් සංවර්ධනයට සැරසේ

පෙබ 02, 2020

    සබරගමුව පළාතේ සංවර්ධන සඳහා සිය දායකත්වය නොමදව ලබාදෙන බව රත්නපුර දිස්ත්‍රික් වියත් මග නියෝජිතයන් පවසයි.

    ඔවුන් මේ බව කියා සිටියේ, පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සමග පැවති සාකච්ජාවකදී. සාකච්ජාව, රත්නපුර පළාත් ආණ්ඩුකාර නිල නිවසේ දී පැවැත්විණ.

    දිස්ත්‍රික්කයේ වෛද්‍ය,ඉංජිනේරු,කෘෂි,මූල්‍ය යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියේය. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි සෞඛ්‍ය, මාර්ග, ආයුර්වේද,පශු සම්පත්,කෘෂි ඇතුළු භෞතික,මානව සා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා පළාත් විද්වතුන් දායක කරගන්නා බවයි, පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ.

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 11:54

    Latest News