ඖෂධ අලෙවිසැල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව

අගෝ 21, 2021

    මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ලබන සඳුදා අළුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරිනීතය පැනවීමත් සමග වෙළෙඳසැල් වසාදමා ගමනාගමනය ද සීමා වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

    නිරෝධායන ඇඳරිනීතිය ක්‍රියාත්මක වුවද එම කාල සීමාවේ අත්‍යවශ්‍ය සහ අපනයන සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ඒ අනූව, කෘෂිකාර්මික,ඇඟළුම් සහ ඉදිකිරීම් කර්මාන්ත,අපනයන කර්මාන්ත,ඖෂධ අලෙවිසැල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ ගුවන්තොටුපොළ හා ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යා හැකියි.
    නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරන්නන් සොයා දිවයිනපුරා පොලිස් මාර්ග බාධක යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

    බස්නාහිර පළාතට වෙනත් පළාත්වලින් ඇතුළුවන ස්ථානවල මාර්ග බාධක 12ක් ඇති බවයි,පොලීසිය පවසන්නේ.

    රැකියාවලට ගමන්ගන්නා පුද්ගලයින් විශේෂ අවසර පත්‍රයක් ලබාගැනීම අවශ්‍ය නොවන බවයි,කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

    මාර්ග බාධක වල ද පොලීසිය සහ යුද හමුදාවේ නිලධාරීන්ට අනන්‍යතාව පෙන්වීමෙන් ඊට අවසර ලබාගත හැකියි.

    නිරෝධායන ඇඳරිනීතිය කඩකරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුම් දිවයිනපුරා ක්‍රියාත්මක කෙරේ.

    Last modified on සෙනසුරාදා, 21 අගෝස්තු 2021 11:43

    Latest News